දෙමාපිය උද්ඝෝෂණය කියා කොටුවට පැමිණි පිරිස මාධ්‍යවේදීන් සමග ගැටුමක

pettah-protest-tense

ගුරු විදුහල්පති වෘත්තීය සමිති මගින් අද (22) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන අතරවාරයේ, ඔවුන්ට  විරුද්ධව ‘පාසල් ළමයින්ගේ දෙමව්පියන් පිරිසක්‘ බව කියමින් එක්තරා කණ්ඩායමක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත විය.  ස්ථාන දෙකකදි  විරෝධතාවයන් ආරම්භ කර තිබූ අවස්ථාවේ පැමිණ වීඩියෝ කරන මාධ්‍යවේදීන් සමග ගැටුමක්ඇති කරගෙන තිබේ.
ඔවුන් එහි පැමිණි අයෙකු මාධ්‍යෙව්දියෙකු නොවන බව කියමින් අනන්‍යතාව විමසමින් කලබලය ඇරඹූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය විය.
ගුරුවරුන්ට එරෙහි උද්ඝෝෂණය සිදු කරන්නේ ‘දරුවන්ගේ අනාගතය උදෙසා වූ සංධානය‘ නමැති අලුතින් අසන්නට ලැබෙන නමත් සහිත පිරිසකි. වීඩියෝව මේ සමග පළවේ

[embedded content]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply