SLPP MP attends SJB group meeting

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ඊයේ (20) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි බව වාර්තා වේ.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කණ්ඩායම් රැස්වීම පවත්වා තිබිණි.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය, රට පත්ව ඇති අසීරුතාවය, ආණ්ඩුවේ මර්ධනකාරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව එම පක්ෂ අඊ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම කණ්ඩායම් රැස්විම් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉමිතියාස් යබාකීර් මාකර් යන අය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටි බව පැවසේ.



Leave a Reply