රටේ ප්‍රධාන පෙලේ දේශපාලඥයින්ට මේ රටේ ජනතාව බිය වු කාලයක් තිබු බවත් එසේ බිය වු කාලය මේ වන විට අවසන් වි ඇති බව හිටපු පා.ම සහ සමගි වනිතා බලවේගයේ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවා.
සමගි ජනබලවේගයේ මස්කෙලිය ආසන බල මණ්ඩලයේ කාන්තා දින උත්සවයක් පෙරේදා (18) ගිනිගත්හේන සමගි ජනබලවේග කාර්යාලයේ පැවැත්විමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ බව පැවසුවා.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ තමන් අද දින කාන්තා බලවේගයක් ගොඩනැගු බවත්, දිවයින පුරා එවැනි බලවේග ගොඩනගා විදුලි බිල වැඩි කිරීම, ජීවන වියදම ඉහල යාම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් උද්ඝෝෂණ රැසක් පැවැත්විමට සැලසුම් කර ඇති බවයි.
රාජපක්ෂවරුන්ගේ පිනට රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වි ඇති බවත්, ජන්දදායකයා වර්තමානයේ යා හැකි මේ රටේ දේශපාලන පක්ෂයක් වේ නම් එම පක්ෂය වන්නේ සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගයට පමණක් බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටින්නේ.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට ජන්දදායකයා වෙත යාමට නොහැකි වී ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු නිවාස තුලට වී සැග වී සිටි රාජපක්ෂවරුන් දැන් කරලියට එන බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ.
අරගලයෙන් පසු මේ රටේ තරුණ පරම්පරාවේ කශේරුකාව ශක්තිමත් වි ඇති බවත් එයට රටක පැවැත්මට සාධකයක් දෙයක් බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ.
මෙම කාන්තා දින උත්සවය සමගි ජන බලවේගයේ මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායක කපිල නාකන්දල මහතා විසින් සංවිධානය කර තිබුණා.