මං දේශපාලනයට ආවේ නැත්නම් අද ගුවන් නියමුවෙක්..- සජිත්

 

තමන් දේශපාලනයට ආවේ නැතිනම් අද වන විට ගුවන් නියමුවෙකු බව විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
තම ආශාව කැමැත්ත තිබුණේ ගුවන් නියමුවකු වීමට බවත් හෙතෙම සඳහන් කළේය.
අද ශ්‍රී ලංකාව යන රාජ්‍ය ද බංකොලොත් තත්ත්වයට පත්වී ඇති බවත් එය හරියටම උඩු ගුවනේ දී සියලුම එන්ජින් ක්‍රියා විරහිත වූ ගුවන් යානයක තත්ත්වයට සමාන බවද හෙතෙම පැවසීය.
එම අවස්ථාව ගුවන් නියමුවාගේ වගකීම් වන්නේ මගීන්ට කිසිදු පීඩාවක් නොවී ආරක්ෂිතව ගුවන් යානය ගොඩබැස්සවීම බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Leave a Reply