2023 පාසල් වාර හා නිවාඩු දින ප්‍රකාශයට පත් කෙරේ

school-holidays-term-plan2023

2023 පළමු පාසල් වාරයේ 01 වැනි අදියරේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
ඊට අමතරව දෙවන හා තෙවන වාරයට අදාළ දිනද ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ පහත පරිදිය.

පාසල් වාර සටහන – 2023
01. 2023 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන සහ අදාළ විස්තර පහත දැක්වේ.
1. සිංහල හා දෙමළ පාසල් සඳහා

  • පළමුවන වාරය


පළමු වන අදියර
2023.03.27 සඳුදා දින සිට 2023.04.04 අඟහරුවාදා දින දක්වා (දෙදිනම ඇතුළු ව ) (2023.04.05 දින සිට 2023.04.16 වන දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ)

දෙවන අදියර
 2023.04.17 සඳුදා දින සිට 2023.05.12 සිකුරාදා දින දක්වා (දෙදිනම ඇතුළු ව) (2023.05.13 දින සිට 2023.05.24 වන දින දක්වා 2022- අ.පො.ස. සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ) (සාමාන්‍ය පෙළ) විභාගය

තෙවන අදියර
2023.05.25 බ්‍රහස්පතින්දා දින සිට 2023.07.20 බ්‍රහස්පතින්දා දින දක්වා (දෙදිනම ඇතුළු ව) (2023.07.21 දින සිට 2023.07.23 වන දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ)

  • දෙවන වාරය

2023.07.24 සඳුදා දින සිට 2023.10.13 සිකුරාදා දින දක්වා (දෙදිනම ඇතුළු ව) (2023.10.14 දින සිට 2023.11.12 වන දින දක්වා 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය – 2023 හා අ.පො.ස. (උසස් පෙළ) විභාගය – 2023 සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ)

  • තෙවන වාරය

පළමු අදියර
2023.11.13 සඳුදා දින සිට 2023.12.22 සිකුරාදා දින දක්වා (දෙදින ම ඇතුළුව) (2023.12.23 දින සිට 2024.01.01 වන දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ)

දෙවන අදියර
2024.01.02 අඟහරුවාදා දින සිට 2024.02.09 සිකුරාදා දින දක්වා (දෙදින ම ඇතුළුව)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply