රටවල් 197 ක් අද දින ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනම් පැනවීමට සහාය පලකරමින් ජන්දය ලබා දී ඇත. ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී පැවැත්වූ අවස්ථාවේදී මෙසේ ශ්‍රී ලංකාවට එරෙහි තහනම සම්මත විය.
IMF වැනි ජාත්‍යන්තර ආයතන යහපත් සහ ස්වාධීන පාලනය, මානව හිමිකම් ආරක්ශා කිරීම වැනි ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙන මෙවැනි වකවානුවේ, ක්‍රීඩාවේ ස්වාධීනත්වය දේශපාලන අරමුණ හරහා පවත්වාගෙන යාමට ශ්‍රීලංකව ගෙනයන උත්සාහය ලෝක ප්‍රජාව විසින් හෙලා දැක තිබෙනවා.
මෙම ජාත්‍යන්තර පාපන්දු තහනම නිසා ශ්‍රී ලංකාවට 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ආසියානු කුසලාන තරග දකුණු ආසියානු කුසලාන තරග පවා අහිමිවී ඇත.
එසේ සිදු වුවහොත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අවුරුදු 4 කට ලෝක කුසලාන තරඟ අහිමි වන අතර මීළඟ සුදුසුකම් ලැබීමේ තරග නැවත ලැබෙන්නේ 2027 වසරේදීය.
මීට අමතරව , රටවල් 211 සඳහා පරිත්‍යාග කිරීමට නියමිත ඩොලර් මිලියන ගනන් ලංකාවට අහිමි වී ඇත.මෙවර ලෝක පාපන්දු සම්මේලනයට වාර්තාගත ආදායමක් ලෙස ඩොලර් බිලියන 7.6 ලැබී තිබේ.
මේ සමඟ රටවල් වලට දීමට තිබෙන ආධාර 30% කින් වැඩි කිරීමට අද අනුමැතිය ලැබී තිබුණි. මෙම ආධාර ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ රටවල් දෙකට අත්හිටුවා තිබේ.
– Repoter