බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් බල්ලෙකු සම්බන්ධ හුටපටයක

rishi-sunaks-family-reminded-of-rules-by-police-after-dog-filmed-without-lead

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් ඇති දැඩි කරන සුනඛයෙකු සම්බන්ධ ගැටලුවක් නිසා ඔහුට සමාජ මාධ්‍ය මගින් නීති සිහිපත් කළ පුවතක් වාර්තාවේ.
අග්‍රාමාත්‍යවරයාගේ  ‘ලැබ්‍රඩෝ රිට්‍රීවර්’ වර්ගයට අයත් සුනඛ සුරතලා උද්‍යානයක වැවක් අසල නිදහසේ සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වී ඇත. එම වීඩියෝවට අනුව සුනඛයා පටියකින් බැඳ නොතිබීම ගැටලුකාරී විය. එංගලනත් නීතියට අනුව පටියකින් බැඳ නැති සුරතල් සුනඛයින් උද්‍යාන වෙත රැගෙන ඒම තහනම්ය.
අගමැති සුනක්  සහ ඔහුගේ බිරිඳ ඇති දැඩි කරන, ‘නෝවා’ නම්  සුරතලා සම්බන්ධ මෙම වීඩියෝව හුවමාරු විය.‍

“සුනඛයින් පටිය මත බැඳ තබා ගත යුතුය” (“Dogs must be kept on leads”)යන වැකියද එම වීඩියෝව හුවමාරු කළ අය ටික්ටොක්හි සටහනක් තබා ඇත.
මෙම විඩීයෝව සම්බන්ධව මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය.
“හයිඩ් පාර්ක්හි බල්ලෙකු පටියෙන් ඉවතට යන අයුරු දැක්වෙන වීඩියෝවක් ගැන අපි දැනුවත් වුනා. ඒ වෙලාවේ එතන හිටපු නිලධාරියෙක්, කාන්තාවක් එක්ක කතා කරලා නීති‍ය ගැන යම් මතක් කිරීමක් කරලා එම බල්ලාව නැවත පටියෙන් බැඳ තැබීමට කටයුතු කලා.”
 ඩව්නිං වීදියේ අගමැති කාර්යාලය පවසා ඇත්තේ දර්ශන පිළිබඳව අදහස් දැක්වීමක් සිදු නොකරන බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකු වාර්තාකරුවන්ට මෙසේ පැවසීය.
“අගමැතිවරයාගේ පවුලේ අය සහ පෞද්ගලික පුද්ගලයින්ගේ රූගත කිරීම් ගැන මම අදහස් දක්වන්නේ නැහැ.”

උද්‍යානයේ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සුනක් මහතා සමාව අයැද සිටින්නේද යන්න පිළිබඳව පීඩනයට පත් වූ ප්‍රකාශකයා මෙසේ පිළිතුරු සපයා තිබුණි. “ඔබ දුටු වීඩියෝව ගැන මම අදහස් දක්වන්නේ නැහැ.” අදාළ වීඩියෝව මේ සමග පළවේ

[embedded content]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply