නිදන් හාරා හමුවූ වටිනා වස්තු වල වස් අරින්න කන්‍යාව ගෙනයාමෙන් වැඩේ මාට්ටු

The-work-is-caught-by-taking-the-virgin-to-open-the-coffin-of-the-treasure-found

18 හැවිරිදි කන්‍යාවක ගෙන්වා මිල කළ නොහැකි පෞරාණික බුද්ධ ප්‍රතිමාවක වස් ඇරීමේ යාගයක් සිදුකරමින් සිටි කපුවකු ඇතුළු සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිදුවීමක් බිබිල ප්‍රදේශයෙන් වාර්තාවේ.

 වස් ඇරීමේ යාගයක් සිදුකරන බවත් ඒ සඳහා මුදල්ද ගෙවන බවත් පවසා  18 හැවිරිදි තරුණියක බිබිල වෑගම ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන තිබූ අතර යාගය සඳහා කළමනාද  මිල කළ නොහැකි පෞරාණික බුදු පිළිමයක් පළතුරු වට්ටි ඇතුළු පූජා භාණ්ඩ රැසක්ද එම ස්ථානයට ගෙනවිත් තිබුණි.

තම දියනිය කිසියම්  රහසිගත වැඩකට යොදවා සිටින බවට බිබිල පොලිසියට පියෙකු ලබාදෙන ලද තොරතුරක් මත මෙම ස්ථානය වටලා ඇති අතර සැකකරුවන් පෙරේදා (13 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ ද්‍රව්‍යයද මෙහිදී පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම පිළිමය ලබාගෙන ඇත්තේ ගොඩගත් නිධානයකින් යයි කියන අතර මැණික් හා බුදු පිළිමයේ වස් ඇරීමට කන්‍යාවක් අවශ්‍ය බවට කපුවා අදාළ පුද්ගලයින්ට උපදෙස් දීම නිසා මෙම තරුණිය මෙලෙස ගෙන ගොස් ඇති බව පැවසේ.

මෙම යාගයට යොදවාගත් 18 හැවිරිදි තරුණිය මීට පෙර දවසකද මැණික් ගලක වස් ඇරීමට කියමින් මෙම නිවසට ගෙන්වා යාගයක් පවත්වා ඇතැයිද එහිදී සැකකරුවන් ඇයට රුපියල් 25,000ක් ලබාදී ඇතැයිද විමර්ශනවලදී හෙළිවී තිබේ. සැකකරුවන් හා බුදු පිළිමය පිළිබඳ ඉදිරි විමර්ශන මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩගමසූරියගේ උපදෙස් මත බිබිල පොලිසිය විසින් සිදුකරනු ලබයි.
සැකකරුවන් සිව්දෙනකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට බිබිල මහේස්ත්‍රාත් සී. අමුණුගම ඊයේ (14 වැනිදා) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බිබිල වෑගම ප්‍රදේශයේ පදිංචි කපුවෙකු ඇතුළු සිව් දෙනෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply