සේවිකාව දිවි නසාගත් බව අසා රන් අලෙවිසැලේ හිමිකරුත් දිවි නසාගෙන

jaffna-gold-shop-death

යාපනයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි මධ්‍යස්ථාන දෙකක් නිව් මයිතිලි සහ සන්තෝෂ් ජුවලර්ස් හිමිකරු සහ එහි සේවය කළ සේවිකාවක තැන් දෙකකදී  ඊයේ (14) දින ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළසිරුරු හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.
මෙම දෙන්නාගේ මරණ අතර කිසියම් සම්බන්ධයක් තිබේද යන්න තවම අවිනිශ්චිතව පවතී.

පළමුව ඊයේ (14) උදෑසන නාවන්තුරේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ස්වර්ණාභරණ අලෙවිසැලේ අවිවාහක සේවිකාව ඇයගේ නිවසේදී ගෙලවැලලාගෙන මිය
ගොස් ඇති අතර මෙම සේවිකාව සේවයට නොපැමිණීම හේතුවෙන් හිමිකරු සොයා බලා දිවිනසාගැනීම ආරංචි වීමෙන් පසු ව්‍යාපාරික ස්ථානයේදී කම්පනයට පත්ව සිටි බව පැවසේ. අනතුරුව දහවල් 2 ට පමණ ඔහු යාපනය නාවලර් ප්‍රදේශයේ තම නිවසට ගොස් ඇති බවත් එහිදී තම කාමරයේදී ඔහුද ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවත් වාර්තා විය.

ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරු වයස 50 ක අයෙකු වූ අතර ඔහුගේ පවුලේ අය කොළඹ නිවසක පදිංචිව සිටි බවත් ඔහු තනිව යාපනය නිවසේ සිටි බවත් පැවසිණි.
මෙම මරණ දෙක එකිනෙකට සම්බන්ධද නැතිනම් වෙන වෙනම සිදුවීම්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සේවිකාව හා ව්‍යාපාරිකයා අතර පැවතියේ කවර ආකාර සම්බන්ධයක්ද යන්න විමර්ශනය කරමින් පවතී.

මිය ගොස් සිටි ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුගේ සහ සේවිකාවගේ සිරුරු ඔවුන්ට අයත් නිවෙස්වල තිබෙන අතර පශ්චාත් පරීක්ෂණ
සිදු කරන බව දන්වා ඇත. පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply