ජනාධිපති වසර 10ක් රට පාලනයට දිය යුතුයි.. විරෝධතාවරුන්ට ජනතාව අවවාද කර පාලනය කල යුතුයි..

සංචාරක ව්‍යාපාරයට වැදගත් බීර හා වයින් බලපත්‍ර මාස ගණනක් තිස්සේ ප්‍රමාද වී තිබූ බවත් ඒවා අනුමත කළ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස අනුමත කරන ලද ගැසට් පත්‍ර පිළිබඳ කළ විමසීමකදී හෙතෙම මේ බව පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
මේ රට වසර දහයක් වැනි කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාට පාලනය කිරීම සඳහා ඉඩ ලබා දිය යුතු බවත් එවිට රට ආසියාවේ ඉහළම තැනකට ඔසවා තබනු ඇති වුවත් හෙතෙම පැවසීය.
යම් හෙයකින් වෘත්තීය අරගල, වැඩ වර්ජන පැවතෙන්නේ නම් මහජනයා විසින් ඒවාට අවවාද කර පාලනය කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

Leave a Reply