අධිකරණය හෑල්ලු කරන්න එපා ! සේමසිංහගේ සහ දොලවත්තගේ කතාවලට නීතීඥ සංගමයේ දැඩි විරෝධය

ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී. පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුළ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්  කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රි ලංකා නීතීඥ සංගමය මේ බව අවධරණය කරයි.
මෙම ප්‍රකාශ දෙක සම්බන්දයෙන් සිය දැඩි කණස්සල්ල පළ කරන ශ්‍රි ලංකා නීතීඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එය  අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමක් වන අතර ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලු කරන බවයි.
මෙම නිවේදනයට අනුව 2023 මාර්තු 7 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත විසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු නියෝග මූලික අයදුම් පත්‍රයකින් විවේචනය කළ බවත්, එම නියෝග පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කළ බව කී ඔහු  විනිසුරු මඩුල්ලේ එක් සාමාජිකයකුට අපහාස කර ඇත. ඊට පසුව  2023 මාර්තු 10 වැනි දින රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා සිය ප්‍රකාශය කරමින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති අතුරු නියෝගය පාර්ලිමේන්තු කාරක සභාව තෙක් ඉදිරියට ගෙන නොයන ලෙස හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳව වරප්‍රසාද පිළිබඳ විමර්ශනය අවසන් කරන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නීතියේ ආධිපත්‍යයට සහ රටේ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතළ අපහාසයක් බව ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ නිරීකසණය වී ඇත.  අධිකරණයේ ස්වාධීනත්වයට කරන මෙවැනි අපහාසයන් පාර්ශවකරුවන් කුමක් වුවත් නීතියට අනුව යුක්තිය ඉටු කිරීමට අධිකරණයට ඇති හැකියාව අඩාල වන බවද එම සංගමය පෙන්වා දෙයි.
“අතීතයේ දී, විධායක අංශයෙන් හෝ වෙනත් ඕනෑම අංශයකින් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම දිවයින පුරා සිටින නීතීඥ  සංගම් සාමාජිකයින් එවැනි ඇඟිලි ගැසීම්වලට දැඩි ලෙස විරුද්ධ වී ඇත.ඒ අනුව ඉතිහාසයේ පාඩම් ඉගෙන ගෙන ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක් කිරීමෙන් වළකින ලෙස රජයෙන් ඉල්ලා සිටී.

Leave a Reply