

වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ගොවි නියෝජිතයින් විසින් අමාත්‍යවරයාගෙන් වී මිල තීරණය කිරීමේ කමිටුවට තම නියෝජිතයින්ට ද අවස්ථාව සළසා දෙන ඊයේ(09) ඉල්ලීමක් කළේය.
ඒ අනුව ඉදිරියේ දී වී මිල තීරණය කිරීමේ කමිටුවට දිස්ත‍්‍රික් 25 ක ගොවි සංවිධාන නියෝජිතයින්ගේ එකඟත්වය මත ගොවි නියෝජිතයින් තිදෙනෙකු පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
මෙවර මහ කන්නයේ දී වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමට කටයුතු නොකරන අතර රජය විසින් වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
වී විල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කිරීමට ජනාධිපතිතුමන් විසින් තීරණය කරනු ඇති බව ද මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.