IMF සල්ලි හම්බුවෙන්නේ නෑ… කරගන්න වෙන්නෙ නෑ… කියපු ඔක්කොම බොරු වුණානේ

johnston-fernando

ඡන්දය පැවැත්වීම සහ මුදල් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්න හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

“අපි නෙමෙයි ඡන්දෙ තියන්නේ. මැතිවරණ කොමිසමෙන්. මුදල් ප්‍රශ්නේ අහන්න ඕනේ මුදල් අමාත්‍යංශයෙන්.
අපිනේ පළවෙනියට නාම යෝජනා දුන්නේ. අපි ඕන වෙලාවක ඡන්දෙට ලෑස්තියි. දිනන එක තමයි සුබදායක තීන්දුව.

පවතින ආර්ථික තත්වය පිළිබදව විමසූ පසු හෙතෙම මෙසේ පැවසීය.

“ආර්ථිකේ මුළු ලෝකෙම කඩන් වැටිලා තියෙනවා. අපිට ඩොලර් මිලියන 200ක් දුන්න බංගලාදේශයත් IMF එකට ගියා. අපිට බැන්නෙ ඒ කාලේ බංගලාදෙශෙනුත් ගිහින් ණය ගත්තා කියලනේ. ලොකේ යන දේවල් ගැන දන්නෙ නැති ගෙම්බෝ තමයි ඕව කියන්නේ.  
දැන් සජිත් කිව්වේ  IMF සල්ලි හම්බුවෙන්නේ නෑ. කරගන්න වෙන්නෙ නෑ. කියපු ඔක්කොම බොරු වුණානේ ඒගොල්ලන්ගේ. ඒකනේ එතුමගේ එන්න එන්න සෙනඟ අඩු වෙන්නේ.
අරගලයක් ඇවිල්ලා මිනිස්සු භය කෙරුවට, අපේ ජනතාව අපෙන් ඈත්වෙලා නෑ.”

[embedded content]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply