නුවර එළියේ, වවුනියාවේ හා ගම්පහ සැක කටයුතු පුද්ගල මරණ 3 ක්

3-suspicious-deaths-in-Nuwara-Eliya-Vavuniya-and-Gampaha

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කර තිබෙන වාර්තා අනුව ඊයේ (9) දිනය තුළ නුවර එලිය, වවුනියාව හා ගම්පහ දිස්ත්‍රික්කවලින් සැකකටයුතු මරණ 3 ක් වාර්තා වී තිබෙයි.

ඊයේ 09 වන දින සවස් කාලයේ නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයේ පුද්ගලයකුගේ මෘත ශරීරයක් හමුවී තිබෙන අතර උදෑසන කාලයේ පිදුරුතලාගල රක්ෂිතයට දර කැඩීමට ගොස් සිටි අවුරුදු 72 ක් වූ අයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

එමෙන්ම 09 වන දින රාත්‍රි කාලයේ වවුනියාවේ පුවරසන්කුලම් හි මිනියන්කුලම් වැවේ වාන් දොරටුව අසල කැපුම් තුවාල සහිත පුද්ගලයකුගේ මෘත ශරීරයක් හමුව ඇති අතර මළ සිරුර අවුරුදු 28 ක් වූ නිත්‍යනගර්, පුවරසන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

ඊට අමතරව 09 වන දින උදෑසන කාලයේ ගම්පහ අංගවිට පොලිස් වසමේ කොළඹ නුවර මාර්ගයේ වේවැල්දෙණිය 51 කණුව අසලදී තුවාල සහිතව කාන්තාවක් මාර්ගයේ වැටී සිටින බවට දංඕවිට පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශණ ආරම්භ කර  තුවාලකාරිය වරකාපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 65 ක් පමණ වන යාචක කාන්තාවක් බවට අනාවරණය වී ඇති අතර, මෙම මරණය රිය අනතුරකින් සිදුවූවක්ද වෙනත් දෙයක් නිසා සිදුවූවාද යන්න වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply