ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී ප්‍රපාතයට වැටේ – පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට

several-people-killed-after-passenger-train-and-freight-train-collide-in-greece

ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් දුසිම් ගනනක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ඇතන්ස්ට උතුරු දෙසින් පිහිටි නගරයක් වන තෙසලෝනිකි වෙත  ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් තෙසලෝනිකි සිට ලැරිසා දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී ඇති අතර දුම්රිය දෙක ගැටෙන්නේ ඉහළට සවිකළ පාලම් කොටසක බැවින් ගැටීමත් සමග දුම්රිය මැදිරි ප්‍රපාතයට ඇදවැටී තිබේ.ෙ

පොලීසිය පැවසුවේ, මැදිරි කිහිපයක් රේල් පීලිවලින් බිමට පතිතව  අවම වශයෙන් ඉන් තුනක් ගිනිගෙන ඇති බව ය.

ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙකු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 85 දෙනෙකු තුවාල ලැබූ බවයි.

“දුම්රිය දෙකේ ගැටීමේ බරපතලකම හේතුවෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත් ඉතා දුෂ්කර තත්වයන් යටතේ සිදු කරන්නට සිදුව ඇති බවත්” ඔහු පැවසීය.

පිළිස්සුම් ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ රෝහල් ඒකක සීරුවෙන් තබා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා පැවසුවේ දිවි ගලවා ගත් 250 දෙනෙකු බස් රථවලින් තෙසලෝනිකි වෙත ඉවත් කර ඇති බවයි.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply