court decision given to former minister johnston fernando

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කරන ලද මූලික විරෝධතාවක් අද (ජන. 27) කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. 

අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා නඩු විභාගය මැයි මස 10 වන දා පවත්වන බව ත් එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස ත් නියෝග කර ඇත.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.



Leave a Reply