මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයේ කෙනිත 198 සෙනුදි 195 තරුෂ 195

grade-5-exam-high-marks

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුසිසුවියන් තිදෙනෙකු ගැන තොරතුරු වාර්තාවී තිබේ. දැනට වාර්තාවන වැඩිම ලකුණු ලාභියා දෙසීයෙන් එකසිය අනූ අටක් (198) ලබාගත් කෙනිත නෙත්බිනු පෙරේරා සිසුවාය. ඔහු පන්නිපිටියේ  ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙකි.

ඊළඟට මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගත් දෙදෙනෙකු ගැන වාර්තාවන අතර
තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.කේ.සනුදි සෙනෙත්මා එක් සිසුවියකි. මිනුවන්ගොඩ, රෙජී රණතුංග ප්‍රාථමික විදුහලේ තරුෂ නෙත්සර ඩයස් සිසුවාද ලකුණු 195 ක් ලබාගන්නට සමන්ව ඇත.

මින් ඉහත රජය ලබාගත් තීරණයත් මත විභාග දෙපාර්තමේන්තුව මගින් 5 ශිෂ්‍යත්ව විභාගයේදී දිවයිනේ හෝ දිස්ත්‍රික් ප්‍රථමයන් කවුරුන්ද යන්න නිල වශයෙන් හෙළිදරව් නොකරන නමුත් ප්‍රාදේශිය වාර්තාකරුවන් ඉහළ ලකුණු ලබාගත් අය පිළිබඳ තොරතුරු වාර්තා කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply