පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් ශ්‍රී ලංකාවට

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ලබන සතියේ දින පහක සංචාරයක් සඳහා  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මහලේකම්වරිය දිවයිනට පැමිණෙන බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය සදහන් කරයි. 

සිය සංචාරය අතර තුර පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

පෙබරවාරි මස පළමු වැනිදා පැමිණෙන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පස් වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

“මගේ සංචාරයේදී ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය අතර අනාගත සහයෝගීතාවයේ ක්ෂේත්‍ර තවදුරටත් ගවේෂණය කිරීමටත්, එහි සියලුම පුරවැසියන් සඳහා වඩාත් සමෘද්ධිමත්, සාධාරණ සහ තිරසාර අනාගතයක් දෙස බලන විට ශ්‍රී ලංකාවට සහය දැක්වීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ කැපවීම නැවත අවධාරණය කිරීමටත් මම බලාපොරොත්තු වෙමි” යැයි මෙම සංචාරය පිළිබද පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.

Leave a Reply