මැතිවරණය අපිට අදාළ නෑ – මහ බැංකු අධිපති

nandalal-speaks

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

‘මැතිවරණය පැවැත්වීම සුදුසුද නැද්ද කියන එක මහ බැංකුව විදියට අපි ඒකට අදහස් දක්වන්න අවශ්‍ය නෑ. අදාළත් නෑ ප්‍රධාන හේතුව රටේ මහ බැංකුව කියන්නෙ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ආයතනය.‘

අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ මෙම කාලය තුළ රටේ පවතින සංචිත තුළින් සසඳන විට  අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දිය යුතු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ඇති බවයි.  ඊට හේතුව ලෙස හෙතෙම පවසා සිටියේ බැංකු හරහා එම ප්‍රමාණය සොයාගැනීමට හැකි බවයි.

වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

අපේ වගකීම තියෙන්නේ යම්කිසි ආකාරයක අත්‍යවශ්‍ය දේවල් වලට අවශ්‍ය විදේශ විනිමය බැංකු ක්‍රමය තුළ සොයා ගැනීමට නොහැකිනම් අපි මැදිහත් වෙලා ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න අපේ වගකීමක් තියෙනවා. නමුත් අපට දැන් පෙනෙන විදිහට විදේශ විනිමය පැත්තෙන් ලොකු හිඟයක් බැංකු ක්‍රමය තුළ නෑ.

[embedded content]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply