ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඉන්දියානු සමාගමකින් ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී අතර ඒ සම්බද්ධව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් හතරක් දැඩි විරෝධය පල කර තිබේ.
ලියාපදිංචි සමාගම් තිබිය දී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙසේ ලියාපදිංචි නොකල ඉන්දියානු සමාගමකින් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ඖෂධ මිලදී ගැනීමේ සූදානම පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා මාධ්‍ය හමුවකදී වාර්තා කලේ ය.
අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය පිළිබදවත් එම සංචාරයේ දී අදාල සමාගම විසින් අමාත්‍යවරයා නැවතී සිටි අධිසුඛෝපභෝගී හෝටල් කාමරයේ බිල ගෙවීම පිළිබදවත් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් එම මාධ්‍ය හමුවේ දී පුබුදු ජාගොඩ මහතා හෙළි කලේ ය.
ඉන්දියානු ණය ආධාර භාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට සූදානම් වන්නේ Savorite Pharmaceuticals (Pvt) Ltd නම් සමාගම හා Kausikh Therapeutics (P) Ltd නමැති ඉන්දියානු සමාගම්වලිනි.
මේ වන විට අදාල සමාගම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති නම් එම සමාගම් මෙරටට එවනු ලබන ඖෂධ හෝ අනෙකුත් වෛද්‍ය සැපයුම් රේගුවෙන් මුදා ගැනීමට නොහැක.
අමාත්‍යවරයාගේ මෙම යෝජනාවට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කර තිබෙන ප්‍රධාන වෛද්‍ය සංගම් හතර වන්නේ;
ලංකා වෛද්‍ය විද්‍යාලය
ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය
ශ්‍රී ලංකා සායනික ඖෂධවේදී සංගමය
යන ආයතනයි.
ඉන්දියානු සමාගම් හරහා ඇනවුම් කර තිබෙන ඇතැම් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ප්‍රමාණවත් තරමට තොග රට තුළ පවතින බවත් එබැවින් ඒවා නිසි ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව හදිසි මිලදගැනීම් ලෙස ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවද පැවසේ.