ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති තනතුරට ඉදිරිපත් වූ ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි මෙවරද ඒ සඳහා ඉදිරිපත් වන බව සඳහන් කරමින් පවසා සිටියේ ‘පාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ජෙරම් ප්‍රනාන්දුට තමන් වහන්සේ සමඟ තරඟ කිරීමට පැමිණෙන ලෙසයි.
ඒෂියන් මිරර් සංවාදය වැඩසටහන සමඟ එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා,
“අපේ රටේ බෞද්ධ ක්‍රීඩකයෝ ටික බෝන් අගේන් කණ්ඩායමට අර ජෙරාම් කියන තිරිසනා කතෝලික ආගම විනාශ කරලා, කතෝලික ජාතිය විනාශ කරලා අර කාදිනල් කියන උන්වහන්සේවත් ඒ ගැන බලන්නේ නැහැ. ඌට මොකද මුන් මොනවා කරත් කමක් නෑ. කාදිනල් කටවහන් ඉන්නවා. කාදිනල් ඇවිල්ලා රටට ආදරේ කෙනෙක් කියලා කියන්න බැහැ. ඒගොල්ලො මේ එක්තරා කොටසක්. මම නෙමෙයි කියන්නේ කාදිනල් උන්නැහේ ජනතාව කියන එකක්. මේ බෝනගේන් කණ්ඩායම ජෙරාම්ට ඕන ඕන විදියට වැඩ කරන්නේ. ජෙරාම් ලගට ගියාම ඔලුවට අත තිබ්බ හැටියේ අර ගෑනු නටනවා, ගැහෙනවා, වැටෙනවා. පිස්සු හැදෙනවා මේ හදපු කණ්ඩායමට. ඉතින් ඒ වගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු කට්ටිය ඔක්කොම සමහර අය සල්ලි ඩොලර් මිලියන ගණන් දීලා මේ කොල්ලො ටික ඒ පැත්තට හරවා ගත්තා.”