ඉන්දීය විදේශ කටයුතු ඇමති අද එයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් අද(19)මෙරටට පැමිණීමට නියමිතය.

ඔහු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරයකට එක්වීමට නියමිතය.

ඔහු ඊයේ(18) මාලදිවයිනට පැමිණි තිබේ.

ජයශංකර් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රීලංකාව ලබා ගැනීමට අපේක්ෂිත ඩොලර් බිලියන දෙකයි දශම නවයක ණය සහනය සම්බන්ධයෙන් මෙන්ම ප්‍රධාන ණයකරුවෙකු වන ඉන්දියාවේ ඉදිරි සහාය පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කරනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු වන බැවින් සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව සමග සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කෙරේ.

Leave a Reply