කොළඹ විශ්වවිද්‍යාලය මෙරට බොහෝ විද්වතුන් උගතුන් බිහි කළ අංක එකේ සරසවියක් හැටියට වාර්තාපිට වාර්තා තැබූවත් එම සරසවියේ විද්‍යාර්ථීන් දෙදෙනකු ගැන ඊයේ (17 වැනිදා) අසන්නට ලැබුණේ අමුතුම කතාවක්ය. ඒ සිදුවීම වාර්තා වූයේ කොළඹ තුරඟ පිටියෙනි. අප ඊයේ සවස එතැනට යනවිටත් බොහෝ දෙනකු වට පිටාවේ රැඳී සිටියේ අශ්ව රේස්, ෆුට් බෝල් හෝ රගර් තරග නැරඹීමට නොව ඝාතනයට ලක්ව සිටි අහිංසක තරුණියකගේ නිසල සිරුර දෙස බලාගෙනය.