හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වන්දි නියම වීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළා.
ඒ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
“මාත් රුපියල් දාහක් විතර දාන්න ඕනේ ඒක. මං හිතනවා ඕක නෙමෙයි පාස්කු ප්‍රහාරය අවශ්‍ය තීන්දුව. ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මේකට ජාත් යන්තර පරීක්ෂණයක් දෙන්න. ඒක කරන්න පුළුවන් වුණොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විතරයි. මොකද එතුමා ඒකට සම්බන්ධ වුණේ නැහැ කියන එකයි හැමෝම මගේ මතය. තව තව මං හිතන්නේ ඔය වගේ එෆ් ආර් කේස් කිහිපයක් තියෙනවලු. ඔය ඔක්කොම ආවොත් එහෙම ඉතින් ඇත්තටම කැටයක් හොල්ලන්න වෙයි ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයට.”
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු යැයි පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සර්ව පාක්ෂික අරගල කරවූ සංවිධානය ඊයේ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.