“නිදහස් ජනතා සන්ධානය” කඩා බිඳ දැමීමේ දැඩි උවමනාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ජනතාව ඉදිරියට යෑමට බිය ආණ්ඩුවට මැතිවරණය කල් දැමීම සඳහා විවිධ පිළිගත නොහැකි හේතු ඉදිරිපත් කරන බව පෙන්වා දුන් උදය ගම්මන්පිල මහතා මැතිවරණය සඳහා මුදල් නොමැති බවට රජය සිදු කරණ ප්‍රකාශද සාවද්‍ය බව පැවසීය.
ගිය වසරේ දිනකට රුපියල් බිලියන 3 බැගින් අච්චු ගැසූ ආණ්ඩුවට මැතිවරණය සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවත් මැතිවරණය සඳහා අවශ්‍ය වනුයේ එසේ මුද්‍රණය කරන ලද මුදල් වලින් දින 2 ක පමණ මුදලක් බවත් ගම්මන්පිල මහතා මේ දී හෙළිදරව් කළේය.
එසේම මැතිවරණ සඳහා මුදල් ලබා දෙන ජාත්‍යන්තර සංවිධාන ඇති බවත් එම සන්විධාන මගින් අවශ්‍ය නම් මැතිවරණය සඳහා මුදල් ආධාර ලබාගත හැකි බවත් ගම්මන්පිල මහතා පැවසීය.
මීට අමතරව වත්මන් දේශපාලන කරළියේ කරුණු රැසක් පිළිබදව ද පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී අදහස් දැක් වීය.