විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම දවස් දෙක තුනක් හෝ සතියක් හෝ එකතුවෙනකල් මේ මුදල. මුදල් එකතු වුණේ නැතත් වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා ඒ සඳහා වෙළෙඳපොළෙන් සොයාගන්න බැරි වුණොත් අච්චු ගහලා හරි මේ ටික සකස් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට යම් කාලපරාසයක් අවශ්‍ය නිසා හරියටම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමා මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මොකද මීට ඉස්සෙලත් මේ තත්ත්වය තිබුණා. ණය ගත්තා සල්ලි අච්චු ගැහුවා ගෙව්වා. දැන් ඒ දේ කරන්න බෑ. ඒ නිසයි මේ අමිහිරි යථාර්ථයට මුහුණදෙන්න සිදුවෙලා තියෙන්නේ. කිසිවෙකුත් කිසිම සැකයක් අවිශ්වාසයක් ඇති කරගත යුතු නෑ. කෙසේ හෝ අනිවාර්යයෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, පොහොර, බෙහෙත්, සමෘද්ධි දීමනා යනාදියට මුදල් ලබාදෙනවා.
මේ අවස්ථාවේ දී ණය ලබාගන්න බැහැ. මක්නිසා ද යත් අපි විදේශ ණය ගෙවන්න නොහැකි බවත් ඒ ණය නැවත සකස් කරලා දෙන ලෙසත් ලෝකයට බොහෝම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා තවදුරටත් ණය ගන්න බැහැ. සල්ලි අච්චු ගහන්න බෑ. අච්චු ගහන්න ගියොත් ඉදිරියට ණය ගන්න බැරි වෙනවා. නොකරන ගෙවීමක් සඳහා තමා දැනට මුදල් අච්චු ගැසීම රජය ප්‍රතිපත්තියක් ලෙස නවතා තිබෙනවා. එනිසා එදිනෙදා වියදම් දරාගැනීමට නොහැකිව විශාල අර්බුදයකට මුහුණදෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලීමක් කළා දෙසැම්බර් මාසයේ කොහොමද වියදම් දැරුවේ කියලා සංඛ්‍යා දත්ත දෙන්න කියලා. ඒ අනුව ලංකාවට බදු හා බදු නොවන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබිලා තියෙන්නේ බිලියන 141ක්. එයින් වැටුප් ගෙවන්න වියදම් කරලා තියෙනවා බිලියන 88ක්. විශ්‍රාම වැටුප් සහ සමෘද්ධිලාභින්ට ගෙවන්න බිලියන 30ක්. පොහොර ලබාගැනීමට බිලියන 6.5යි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය බෙහෙත් සඳහා බිලියන 8.7යි. වෙනත් එදිනෙදා ගමන් වියදම් වැනි පරිපාලන වියදම් බිලියන 154යි. ඉතින් 141කින් 154ක් දරන්නේ කෙසේ ද? විකල්ප ක්‍රමයක් සොයා ගන්න බෑ. කළමනාකරණය කිරීම කරන්න බැරි තත්ත්වයට පත්වෙලා.