

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී පසුගිය වසරේ පැවති ජන අරගලයේ දී ඇතිවූ සිද්ධියකදී හිස් කබලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අරගලයේ ක්‍රියාකාරිකයකු වූ යුද හමුදා විශ්‍රාමික කමාන්ඩෝ සෙබළකු මිය ගිය බව කොටුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ මාතර දෙවිනුවර වැලිමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි ඩී.ජේ.එල්. ජයසේන නමැත්තෙකි.
ජූලි 09 වෙනිදා කොටුව ජනාධිපති මන්දිරය අත්පත්කර ගැනීමට යාමේදී ආරක්ෂක පවුරු බිද දමා ඉදිරියට ගමන් කළ අරගලකරුවන් අතර ඉදිරියෙන්ම සිටි පුද්ගලයෙක් වූයේ මොහුය.
මහ බැංකුව ආසන්නයේ ඇති ගේට්ටු බිද ජනාධිපති මැදුරට ඇතුළුවීමට උත්සහ දරමින් සිටි ඔහු ඒ අසල වූ තාප්පයකට ගොඩවී සිටියදී එයින් බිමට වැටීමෙන් හිසට බරපතල හානි සිදුකරගත්තේය.
හිස් කබලට බරපතළ තුවාල සිදු වීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දී හිසෙහි සිදු කර ලද සැත්කමකින් පසු කාලයක් ප්‍රතිකාර ලබා ජයසේන මහතා රෝහලින් පිටව ගොස් නිවසටවී කාලය ගත කර තිබූ නමුත් තත්වය උත්සන්නවීමෙන් නැවත රෝහල් ගත කර තිබුණි.
නිවසේ සිටින අතරවාරයේ රෝගාතුර වූ ජයසේන මහතා පසුගිය දෙසැම්බර් මාසයේ 19 වෙනිදා යළි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගියේය.
දෙවිනුවර , වැල්ලමඩම , රුහුණු සරසවි පෙදෙසේ පදිංචිව සිටි ඩබ්ලිව්. ඩී.එල්. ජයසේන (59) නැමැති හිටපු කමාන්ඩෝ සෙබළා මෙසේ මියගියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News