රජයේ සේවක වැටුප් ගෙවන්න සල්ලි නෑ… සමෘදිය ගෙවන්න සල්ලි නෑ!

භාණ්ඩාගාරය මේ වන විට අපේක්‍ෂා කල තත්වයට වඩා දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ අනුව පසුගිය අයවැයෙන් සියලුම අමාත්‍යාංශ වලට වෙන් කරන ලද මුදල් වලින් 5% ක් කපා හැරීමට ද එහිදී යෝජනා වී තිබේ.
දිළිඳු පවුල් ලබාදෙන සමුර්ධි සහනාධාර දීමනාවද සති දෙකකින් ප්‍රමාද වනු ඇති බවද කැබිනට් ප‍්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනවාරි හා පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධ දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවිදි කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සදහන් කලේය.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි.

රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.



Leave a Reply