ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් මඩ අවලාද නැගුවද තවමත් ජනතා හදවත්වල සිටින්නේ පොහොට්ටුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවා.
එමෙන්ම පළාත් පාලන ජන්ද විමසීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා සක්‍රීයව සම්බන්ධ වන බව හෙතෙම පැවසුවා.
පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න බවට විශ්වාස බවත් සාගර කාරියවසම් මහතා කියා සිටියා.
මේ අතර ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ඊයේ (09) ඒ සඳහා ඇප මුදල් තන්පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
මේ අතර මෙම පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිම අභියෝගයක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළා.