අදත් දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

අද (03) උදෑසන කාලයේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර දෙකක් ද මේ වනවිට අවලංගු කර තිබෙන බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

සේවක හිඟය හේතුවෙන් ඊයේ (02) අවලංගු වී තිබුනේ දුම්රිය ගමන් වාර 18 ක් පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

ඒ අනුව, පුත්තලම් දුම්රිය මාර්ගයේ ගමන් වාර 4ක්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් වාර 3ක් සහ කැළණි වැලි දුම්රිය මාර්ගයේ ගමන් වාර 3ක්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමන් වාර 2ක්, ඉන්ධන ප්‍රවාහන දුම්රිය 4ක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 2ක් අවලංගු වී තිබුණි

එසේ වුවද, පසුගිය 31 වනදා සිට ඊයේ දක්වා මගී දුම්රිය ගමන්වාර 82 ක් සහ භාණ්ඩ දුම්රිය ගමන් වාර 24 ක් ඇතුළුව දුම්රිය ගමන් වාර 104ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසහි

Leave a Reply