ඉඳුනිල් අන්ද්‍රමානට කොට්ටාව ප්‍රසංගය අතරතුර ගල් ප්‍රහාරයක්

indunil-andramana-kottawa-incidet

කොට්ටාව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක ගීතයක් ගායනා කරමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමන මහතාට බීමත් ප්‍රේක්ෂකයෙකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කොට්ටාව පොලිසිය පවසයි.

නත්තල් උදාව සමරමින් ඉකුත් (24)දා රාත්‍රී කොට්ටාව නගර මධ්‍යයේදී සුප්‍රසිද්ධ වාද්‍ය වෘන්දයක සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි .

ඒ සදහා ආරාධනා ලැබ පැමිණ සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉදුනිල් අන්ද්‍රමාන මහතා නිවේදකයාගේ ආරාධනයෙන් වේදිකාවට පැමිණවචන කිහිපයක් කථා කොට ගීතයක් ගායනා කිරීමට සූදානම් වනවාත් සමඟම ප්‍රේක්ෂකයකු ගල් ප්‍රහාරයක් වේදිකාව දෙසට එල්ල කර ඇතැයි පැවසේ .

එම ගල් ප්‍රහාරය වේදිකාව ඉදිරිපිට රැඳී සිටි ගායන ශිල්පි ඉඳුනිල් අන්ද්‍රමාන මහතාගේ වම් ඇස අසල නළල ප්‍රදේශයේ වැදී තුවාල සිදුව තිබූ අතර පසුව ඔහු සංවිධායකයන්ගේ මැදිහත්වීමෙන් පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply