“මඩ වීඩියෝවට පසුබිම බිස්නස් ආරවුලක්” මහාචාර්ය ආශු මාරසිංහ CID යයි

ashu-marasinghe-cid

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට ඔහුගේ හිටපු බිරියක යයි කියන කාන්තාවක හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඔහු සිය නීතීඥ මහතා සමග ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් කර තිබේ.
 රහස් පොලිසියට පැමිණි නීතිඥ ප්‍රාවි කරුණාරත්න මාධ්‍යවේදීන් හමුවේ මෙසේ කීය.
“මගේ සේවාදායකයා වන මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් පිළිකුල් සහගත ව්‍යාජව නිර්මාණය කළ අසත්‍ය වීඩියෝ පටයක්  සමාජ මාධ්‍යයට නිකුත්ව තිබෙනවා.සහ ඡායාරූප මාධ්‍ය හමුවකදී නිකුත් කර තිබෙනවා.
මගේ සේවාදායකයා සහ කාන්තාවක් ඔවුන් අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන සමාගමක ආරවුලක් ඇති කර ගෙන තිබුණා, එම ආරවුල සම්බන්ධයෙන් මගේ සේවාදායකයාගෙන් විශාල මුදලක් ඉල්ලා සිටි වේලාවක මෙම ව්‍යාජ මඩ ප්‍රහාර පැමිණියේ එම පසුබිම තුළයි.
මහාචාර්ය මාරසිංහ මහතා මෙසේ කීය.
‘මේ සාවද්‍ය සිද්ධිය දැන් අධිකරණය අතේ. ඒ නිසා මම මේ ගැන වැඩිදුර අදහස් ප්‍රකාශ කරන් නැහැ. මගේ නීතීඥවරයා සියලු විස්තර පැහැදිලි කරයි”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මහාචාර්ය මාරසිංහගේ හිටපු පෙම්වතිය යැයි කියන ආදර්ශා කරදන මහත්මිය සමඟ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සුරතල් බල්ලෙකුට ලිංගික අතවර කළ බවට මහාචාර්ය මාරසිංහට චෝදනා කළේ ඡායාරූප පෙන්වමිනි.
මහාචාර්ය මාරසිංහ මහතා සිය ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපති කාර්යාලය ඊයේ නිවේදනය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply