FIFA පළමු තරඟයෙන්ම සත්කාරක කටාර් වාර්තාවක් තියයි

ලොව විශාලතම ක්‍රීඩා උළෙලක් ලෙස සැලකෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර් රාජ්‍යයේ දී ඊයේ(20) ආරම්භ විය.

ඒ ලොව පුරා සුපිරි කණ්ඩායම් 32 ක සහභාගිත්වයෙනි. මූලික වටයේදී ඔවුන් කාණ්ඩ අටක් යටතේ තරග වැදීමට නියමිතය.

දෝහා හි අල් බයිට් ක්‍රීඩාංගනයේදී පැවති අතිඋත්කර්ෂවත් සමාරම්භක උත්සවයකින් පසුව තරගාවලියේ පළමු තරගය පැවැත්වුණි. ඒ සත්කාරක කටාර් කණ්ඩායම සහ ඉක්වදෝර් යි කණ්ඩායම් අතරය.

තරගයේ පහළොස් වැනි මිනිත්තුවේ දී එක් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ඉක්වදෝරයට පළමු ගෝලය ලබා දුන්නේ එනර් වැලන්සියා ක්‍රීඩකයායි. ඉන් මිනිත්තු දහයකට පසුව යළිත් ක්‍රියාත්මක වූ එනර් වැලන්සියා ඉක්වදෝරයට දෙවන ගෝලයා ද ලබා දුන්නේය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වුණේ වුණේ ගෝල 2-0 ලෙස ඉක්වදෝරය පෙරමුණ ගනිමින්ය.

තරගයේ දෙවන අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකිවුයේ නැත. ඒ අනුව තරගාවලියේ පළමු තරගයෙන් ඉක්වදෝරය ජය ගත්තේ ගෝල 2-0 ක් ලෙසයි. 

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සත්කාරක කණ්ඩායම පළමු තරගය පරාජය වූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වේ.

Leave a Reply