සුදුස්සන්ට සුදුසු තැන් ලැබුන නම් මෙහෙම වෙන් නැහැ -මහ බැංකු අධිපති

ajith-niwad-speaks

මාතර පැවැති  ආදි ශීෂ්‍ය උත්සවයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා විශේෂ කරුණු කිහිපයක් හෙලි කර තිබේ.රටේ ආර්ථීකය මෙහෙය වීමේදී එහි ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ ගන්නා අය දැනුම සහිත සුදුස්සන් වූවා නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පහසු නොවන බව ත් ඒ සඳහා අපහසු තීරණ ගත යුතු බව ත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙහිදී පවසා තිබේ.

“රටක ආර්ථිකය මෙහෙයවීම වුණත් මම දකින්නේ, තීරණ ගන්න අය, ප්‍රතිපත්ති ගන්න අය නියමාකාරයට දක්ෂකම ඇති සුදුසු කෙනෙක් ඒ ස්ථානවල කාලයක් තිස්සේ ක්‍රියා කරගෙන යනවා නම්, මම හිතන්නේ අපි මේ තත්ත්වයට පත් නොවෙන්න තිබුණා.

සුදුස්සාට සුදුසු තැන ලැබිලා තමයි දියුණු රටවල් දියුණු වෙන්නේ. එහෙම නැතුව සුදුස්සාට සුදුසු තැන නොලැබෙන දක්ෂයාට දක්ෂකම් අනුව තරගකාරීව ඉදිරියට යන්න බැරි සමාජයක ඒක සාර්ථක වෙන්නේ නෑ. මහ බැංකු අධිපති වශයෙන් මට කියන්න ඕනේ එක දෙයයි. අපි ඉන්නේ ඉතාම අමාරු කාලෙක. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම පහසු නැහැ. යම් කිසි අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒවා ඒවා ජනප්‍රිය තීරණ නෙවෙයි. අමාරු තීරණ ගද්දී යම් කොටසකට යම් කිසි පීඩා එයි. ඒ පීඩාව තුළින් යම් ආකාරයක දෝෂාරෝපණ ඒ තීරණ ගන්න අයට එන්න පුළුවන්. නමුත් මොන තරම් දෝෂාරෝපණ ආවත් තමන් ගන්න තීරණ නිවැරදි නම් ඒක නම් කළ යුතු හරි දේ මම හිතන්නේ සුදුස්සෙක් හා දැනුම තියෙන කෙනෙක් නම් ඒවට නොනැමි හරි දේ කිරීමේ හැකියාව හා ඒ පන්නරය තියෙන්න ඕනේ.
යම් ආකාරයක ප්‍රතිපත්ති හා තීරණ ගන්න අයට. ඒ නිසා තමා මං බලාපොරොත්තු වෙන්නේ එහෙම ක්‍රමවේදයක් තුළ දී ජනතාව තේරුම් ගන්නත් ඕනේ. කෙටි කාලීනව අමාරුකම් තිබුණත්. කරන්නේ අමාරු දේවල් වුණත් ඒවා කළ යුතු දේවල්. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් ගොඩ ඇවිල්ලා යම් ආකාරයකට රට යථා තත්ත්වයට ස්ථාවර කරලා පසුව රටේ හැමෝටම යම්කිසි මීට වඩා යහපත් අවස්ථාවක් ලබාගන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply