නව ව්‍යවසායකයන්ගේ සහයට බ්‍රැන්ඩික්ස් හා ICTA අතර අවබෝධතා ගිවිසුමක්

මුල්‍ය  හා උපායමාර්ගික සහයෝගිතාව මගින්  නව ව්‍යවසායකයන් දිරිමත්කිරිමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.

සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ එක්ව එය ක්‍රියාවට නංවනු ලැබේ.  

ඒ සදහාවූ අවබෝධතා ගිවිසුමක් පසුගියදා(17) අත්සන් කළේය. 

මෙම හවුල්කාරිත්වය මඟින් තාක්ෂණික ව්‍යවසායකත්ව ආරම්භක පරිසර පද්ධති Startup මෙරට ඩිජිටල් ආර්ථිකය සදහා වඩාත් ඵලදායි ලෙස යොදාගැනීම අපේක්ෂා කෙරේ. ඒ සදහා Spiralation Startup Incubator පහසුකම්  ආරම්භක  අවධියේ තාක්ෂණික ව්‍යවසායකයින් සඳහා ලබාදෙනු ඇත.   මුලික අරමුදල්, පුහුණුව, ජාලකරණ සැසි සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර ප්‍රවර්ධන අවස්ථා මෙම වැඩසටහනට ඇතුළත් වේ.

Spiration වැඩසටහන මගින් මේ වනවිට නව ව්‍යවසාය 120 කට වැඩි ගණනකට සහාය වී ඇත. එමගින් බිහිවූ ව්‍යවසායකයන් කිහිපදෙනෙකු සිය ව්‍යාපාරයන් අර්තර්ජාතිකවත්  ව්‍යාප්තකර ගනිමින්  රැකියා 1,000 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීම සඳහා සාමූහිකව දායක වී ඇත. එවැනි ව්‍ය්වසායකත්වයන් සදහා පහසුකම් සපයන Spiralation ඉන්කියුබේටර   දහයක් සදහා , බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් විසින්  අරමුදල් සපයනු ඇත. තවද, වත්මන් ආර්ථික අර්බුදය තුළ ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට සහ වර්ධනය කිරීමට මෙම හවුල්කාරිත්වය මූල්‍යමය වශයෙන් මුල් අදියරේ ආරම්භක ව්‍යවසායකයන්ට  සහාය වනු ඇත.

මෙම හවුල්කාරිත්ව  වැඩසටහන  පිළිබඳව අදහස් දක්වමින් බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හි , තොරතුරු තාක්ෂණ/ඩිජිටල් අධ්‍යක්ෂ සහ ෆෝටූඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන සිරිනන්ද මහතා පැවසුවේ “බ්‍රැන්ඩික්ස් තාක්‍ෂණය සහාය ලබාගන්නේ කෙසේදැයි නිරන්තරයෙන්  විමසිලිමත්වන බවයි .එමගින්   අපගේ පාරිභෝගිකයින්ට වඩාත් වාසිදායක  ඩිජිටල්  විසඳුම් ලබා දීමට අපට  හැකිවී තිබේ .‛මෙම පසුබිම තුළ, ICTA සමඟ  අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ගිවිසුමකට  එළඹීමට ලැබීම  මහත් සතුටකි.  අපගේ හවුල්කාරිත්වය ශ්‍රී ලාංකික තාක්‍ෂණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අදහස් ක්‍රියාත්මක කිරීමට  සහ ලෝක මට්ටමේ ඩිජිටල්  විසඳුම් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනහි   සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා ප්‍රකාශ කළේ, “රටතුළ  ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමේ කාර්යයේ ප්‍රමුඛතම ආයතනය ලෙස තම ආයතනය ඒ සදහාවූ ජාතික වැඩපිළිවලක් දියත්කර ඇති බවයි.   එහි මුලික ස්ථම්භයක් ලෙස ඩිජිටල් ආර්ථිකය හදුනාගෙන ඇත. ඩිජිටල් ආර්ථිකය සවිමත් කිරීමේ එක්   පියවරක් ලෙස   2024 වසර අවසන් වන විට ආරම්භක තාක්ෂණික ව්‍යාපාර 1,000ක් නිර්මාණය කිරීම  ප්‍රවර්ධනය කිරීම, දිරිගැන්වීමට වැඩපිළිවලක් දියත්කර තිබේ . මෙම සහයෝගිතාව ඒ සදහා විශාල අනුබලයක්වි ඇත. “

Leave a Reply