ලෝක නිවුන් දින උළෙලට විදේශිකයන් 4,000ක් එයි

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක නිවුන් දින උළෙල සදහා විදේශිකයන් 4,000ක් පමණ සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සදහන් කරයි. 

ලබන වසරේ දී ශ්‍රී ලංකායේ පැවැත්වීමට නියමිත ලෝක නිවුන් දින උළෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සමග සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කතික කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්වුනි.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණි. 

 විදේශ සංචාරකයන් මෙරටට ගෙන්වාගැනීම සහ රටේ සංස්කෘතික හා සමාජීය බැඳීම් වැඩිදියුණු කර ගැනීමේ මූලික පරමාර්ථය ඇතිව වසරක් පාසා ලෝක නිවුන් දින උළෙළ සංවිධාන කෙරේ. 

සතියක් පමණ පැවැත්වෙන මෙම උළෙලේ දී ලෝක නිවුන් සංස්කෘතික උළෙල, ලෝක නිවුන් රූප රාජිණී තරඟාවලිය, ලෝක නිවුන් මහා සම්මේලනය, ලෝක නිවුන් ව්‍යාපාරික සමුළුව, සංගීත ප්‍රසංගය සහ පැමිණෙන සංචාරකයන් සදහා ශ්‍රී ලංකාවේ විශේෂ ස්ථාන නැරඹීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී වැඩසටහන් රැසක් සංවිධාන කිරීමට නියමිතය. 

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ/සභාපති උපුලි ගමගේ ඇතුළු එම සංවිධානයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී විය. 

Leave a Reply