බැංකුවලින් ලබාගෙන ඇති ණය සඳහා අය කරන පොලී අනුපාත ඉහළ යාම පාලනය කර සහන ලබාදීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබෙනවා.
එම නිසා සහන ලබා දෙන ලෙස මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ‘‘අපිට ණය ගෙවන්න මුදල් නෑ. ලොකු අයවැය පරතරයක් තියෙනවා. පොලී අනුපාතය ඉහළ යෑම තාවකාලිකයි. මුලින්ම ඒක පාලනය කරගන්න ඕන. දැනට අපි අයි.එම්.එෆ් එකත් එක්ක කතාකරගෙන යනවා. ජනවාරි වෙනකොට ඉන්දියාවයි, චීනයයි අපිට සුබවාදී ප්‍රතිචාර දක්වාවි. ඒ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවුණ ගමන්ම පොලී අනුපාතය වෙනස් වේවි’’
මෙම අවස්ථාවට එක්ව සිටි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ බැංකු පොලී අනුපාත වැඩිවීම පිළිබඳව මන්ත්‍රිවරුන්ට කරුණු පැහැදිලි කර තිබෙන බවද වාර්තා වනවා.
පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා පීඩාවට පත්ව සිටින බැංකු ගනුදෙනුකරුවන්ට කෙටි කාලයක් සඳහා සිය ණය වෙනුවෙන් පොලිය පමණක් ගෙවීම සඳහා අදාළ බැංකු සමග සාකච්ඡා කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නා.
ඒ සඳහා බැංකු වෙත උපදෙස් ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය උපදේශක කාරක සභාවේ දී ද පෙන්වා දී තිබුණා.