අයවැය දිහා ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස අපි බලන්නේ මෙහෙමයි -ආචාර්ය නන්දලාල්

cbsl-nandalal-speaks-budget

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 අයවැය සම්බන්ධයෙන් 15වැනිදා විශේෂ කතාවක් සිදුකළේය. මේ ඔහු විසින් ඉදිරිපත් කළ විශේෂ ප්‍රකාශයයි.

“14වැනිදා ඉදිරිපත් වූ අයවැය දිහා ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස අපි බලන්නේ කොහොමද කියන එක ගැන කතා කළොත්, මේ ඉදිරිපත් වූ අයවැය දිහා පමණක් නොවෙයි. අපි මේ වෙනකන් මොකද කළේ කියන දේ ගැනත් බලන්න අවශ්‍යයි. මේ අවුරුද්ද මුල සිටම රට ආර්ථික අර්බුදයකට යොමුවෙමින් පවතින බව ඉතාමත්ම පැහැදිලි වුණා. ජනවාරි මාසය වන විට අපේණය ගෙවීමේ හැකියාව අඩු වෙලා.

ණය අස්ථාවර තත්ත්වයට (Sustainable නැති තත්ත්වයට) පත්වුණා කියන එක හැමෝම දන්න කාරණයක්.

අපට ණය ලබාදුන් පාර්ශ්ව පවා ඒ වෙලාවේ ඉඳන් ණය ප්‍රතිව්‍යුහගත කරන්න ලෑස්තිවෙලා ද හිටියා. ඔවුන් අපි රටේ තත්වය දැනුම් දෙන්නත් කලින් සිටම Credit Committees ඇති කරගත යප්‍රතිවයුහගත කරන්න සූදානමක් ඇතිව සිටියා. ඒ අවස්ථාවේ අපේ සංචිත අඩු වීගෙන යනකොට, 

ජනවාරි මාසයේ අපේ ISB (ජාත්‍යන්තර වරින්ට බැදුම්කර බිලියන 500ක් ගෙවනකොට, අපේ සචිත තිබු අඩු වෙන හා තවත් ඉදිරියට නොලැබෙන තත්වයක. අපි ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටිලා, (down grade) අපිට ණය දුන්න අයත් දැනගෙන හිටියේ අපිට ණය ගෙවත්ත හකියාවක් නැති බව. ඒ අනුව ණය  ගෙවන්න හැකියාවක් නැතිව තියෙද්දි සංචිත තියන ටිකත් ණය ගෙවන්න සහ පෙට්‍රල් ඩිසල්වලට වියදම් කරමින්, මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 203ට පවත්වාගෙන ගියා. එහෙම කරගෙන යන්න බැරි බව තේරුණාම තමයි මාර්තු මාසයේ පියවර ගත්තේ රුපියල පා කරලා යවන්න. ඒ අනුව මුදල් මණ්ඩලයේත් අනුමැතිය නැතිව රුපියල පාකරලා ඇරියා. ඒ නිසා තමයි ඩොලරයේ අගය රුපියල් 203 තිබිලා රුපියල් 365-380ට වැඩි වුණේ. හැමෝටම පැහැදිලිවුණ දෙයක් තමයි දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි වුණා බව. ඒ වෙද්දි උද්ධමනය වැඩි වෙලා තිබුණා.

වැඩි වුණ උද්ධමනයේ අගයන් වෙනස් වීම තමයි සිදුවූණේ. ඒ අනුව අපිට මීලගට කරන්න තිබු දේ තමයි මුදල් ප්‍රතිපත්ති දැඩි කරන එක. ඒක තමයි අපි අප්‍රේල් මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි වශයෙන් ඉහළ නංවලා, මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියක් කරගන ආවේ. රජය පැහැදිලිවම තේරුම් අරගෙන තිබු මහා ආර්ථිකය ගමන් කරන්නේ කඩා වැටීමකට (Crash landing එකකට) බව. ඒඅනුව අවසාන ප්‍රතිඵලය තමයි මාර්තු මාසය වන විට රජයඉල්ලීමක් කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් bail out package එකක් (ඇප මත ණයක්) දෙන්න කියලා. ඒ ඉල්ලීමත් මාර්තු මාසයේ කරලා තිබුණි. රුපියලත් වෙන්න ඇරලා තිබ්බේ මාර්තු මාසය වන විට. සංචිතත් අඩුවෙලා තිබ්බේ මාර්තු මාසය වන විට. අප්‍රේල් වන විට බිලියන ගණනක් ඉදිරියට ණය ගෙවන්න තියදී ඩොලර් මිලියන 20ක් පමණ තමයි මහ බැංකුවේ සංචිත විදිහට තිබුණේ. ඒ වෙලාවේ  කරන්න තිබිබ හොඳම දේ තමයි රට තිබෙන තත්ත්වය දැනුම් දීලා ගන්න තිබ්බ පියවර රජය ගත්තේ.

මීට අමතරව රජය විසින් මුලින්ම බදු පැකේජයක් (Tax package එකක්) මැයි මාසයේ ගෙනාවා. ඊටපසු අතුරු අයවැයෙන්( interim budget) එකෙන් තවත් බදු පැකේජයක් ගෙනාවා. එසේ කළේ රජයේ මුදල් අච්චු ගැසීම අඩු කරලා, ආදායම් වැඩි කරගැනීමේ පියවරක් ලෙසයි.

මේ වගේ වෙලාවල් වලදී අවශ්‍ය ආර්ථිකය සෘණ පැත්තට තමයි යන්න කියලා පැහැදිලිව පෙනුණා. ඒ අනුව විශේෂයෙන් රටේ දුප්පත් ජනතාවට ඇතිවන පීඩනය වළක්වා ගැනීමට සමාජ ආරක්ෂණ ජාලයට (Social safty net එකට මුදල් අවශ්‍යයි. අපි දැන් දකින්නේ ආර්ථිකය කුඩුපට්ටම් වෙලා, කඩාවැට තිබිබ තත්වය වළක්වලා යම්කිසි ස්ථාවර තත්වයකට දැන්පත්වී තිබෙනවා. මෙතැනින් ඉදිරිය ගැන බලද්දී මේ ස්ථාවරත්වය තවදුරටත් පවත්වාගෙන යැමයි සිදුවීය යුත් ඒ අනුව ඉදිරියේදී රටේ වර්ධනය, හැමෝටම වාසි වන විදිහට ආර්ථිකය නැවතත් පුබුදුවාලන්නට අවශයයි.

එසේම මේ ආර්ථිකය නැවතත් පරණ ප්‍රශ්නයට යන්නේ  නැතිව ඉදිරියට ස්ථායී ලෙස පවත්වා ගැනීමට නම්, ආර්ථික අර්බුදයට හේතු හොයාගෙන, ඒ හේතුවලට පිළියම් යොදලා. ඉදිරියට ඒවා සිදුවීම වළක්වා ගැනීම තමයි මීළග පියවර විය යුත්තේ . අපි ඉදිරියට යනකොට අපි මේ තත්වයේ ඉන්නේ ඇයි කියන එකට හේතු හදුනාගන්න අවශ්‍යයි? ඒ අනුව එක් හේතුවක් තමයි අවුරුදු ගානක් තිස්සේ රජය විසින් ආදායම, වියදම පියවාගන්න බැරිව, විශාල අයවැය පරතරයක් පවත්වාගෙන ගියා. එය පියවා ගත් ණය අරගෙන. මෙහෙම ණය අරගෙන පියවන්න ගියාම අසාමාන්‍ය විදිහට ණය වැඩි වෙලා ණය අස්ථාවර තත්වයට පත්වුණා. එයත් එක්ක ඇතිවූ අතුරු ප්‍රතිඵලය තමයි විදේශ විනිමය ඉපැයීම වෙනුවට ණය වලින් ජීවත් වන තත්ත්වයකට අවුරුදු ගානක් තිස්සේ රට පත්වීම. ඒ අනුව එයිනුත් ගොඩ එන්න අවශ්‍යයි. පළමු මූල හේතුව (root couse එක) තමයි රජයේ අයවැය හිගය, ණය ස්ථාවර කිරීම. මේ නිසා තමයි පිස්කල් පොලිසි පැකේජ් එක,

මැයි මාසේ සිටත් ඉන්පසු අතුරු අයවැය මේ ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ. මීළඟ එක තමයි ඉදිරි කාලය තුළ රජයේ මූල්‍යනය, අයවැය සහ ණය ස්ථාවර කරන්නේ කොහොමද කියන එක. ණය ප්‍රතිව්‍යූහගත කිරීම එකක්, රජයේ ආදායම් වැඩිකර ගැනීම, අය වැය හිගය අඩුකර ගැනීම තව එකක්, අනෙක් පැත්තෙන් බලද්දී ණය ප්‍රතිව්‍යූහගත කරන විට අපට ණය දුන් අයගෙත් අපි සහනයක් බලාපොරොත්තු වෙනවා. ඒ සහනය බලාපොරොත්තුවෙදී අපි පෙන්වන්න අවශ්‍යයි අපි මේ සම්බන්ධයෙන් දායක වෙනවා කියන එක. ඒ අනුව අපේ පැත්තෙන්  අපි අවශ්‍යය වෙනස්වීම හා ගැලපීම් (Adjestment) කරනු ලබනවා. බදු සම්බන්ධයෙන් ගෙවන්න අපේ පැත්තෙන් කරන ගැළපීම තමයි පිස්කල් පැත්තෙන් සිදුකරන ගැලපීම්. රටක් ලෙස ගත්තාම ඉදිරියට යද්දී විදේශ විනිමය පැත්තෙන් උපයන්න පුළුවන් රටක් බවට අපි පත් වෙන්න අවශ්‍යයි. ණය අරගෙන මේ රට ස්ථාවර කරලා කෙටිකාලීන ආර්ථික වර්ධනයක් ළගා කරගන්න පුළුවන්. නමුත් එතැනින් වෙන්නේ අපි නැවතත් ණය උගුලකට වැටීම. ඒ නිසා ණය මත යැපෙන් නැති, ණය තුළ රජයට ආදායම් උපදවන, රටට විදේශ විනිමය උපදවන ආර්ථික ප්‍රතිසංස්කරණ තමයි ක්‍රියාත්මක කරන්න තිබෙන්නේ.

ඊට අමතරව අපිට තිබ්බ අනෙත් වීශාලතම ප්‍රශ්නය තමයි රාජ්‍ය ආයතන, සංස්ථාවල තිබෙන විශාල පාඩු ලැබීම් තුළ බැංකු පද්ධතියට තිබෙන බලපෑම. ඒ සමගම රජයට අයවැය හිගයේ තිබෙන බර අනෙකුත් ප්‍රධාන කාරණාවක්. ඒකත් ආමන්ත්‍රණය කරන්න දැනටමත් කෙටිකාලීනව මිල සංශෝධනයක් කරලා පාඩුව අඩු කර ගැනීමට කටයුතු යොදා තිබෙනවා. ඉදිරියට යද්දී ඒ ආයතන තවත් කාර්යක්ෂම කර ජනතාවට හා රටට බරක් නොවී පවත්වාගෙන යන්නේ කොහොමද යන්නත් වැදගත්. වඩා කාර්යක්ෂමව විදේශ විනිමය ඉපැයීමට හැකි රටේ තිබෙන සම්පත් හදුනාගෙන ඒවායොමු කරලා, රට විදේශ විනිමය ඉපැයීම වැඩි කිරීම සම්බන්ධ කාරණා මෙම අයවැයෙන් ඉදිරිපත්කර තිබෙනවා.

රටක් විදිහට ණය ගැනීමේ අවශයතාව අඩු කරලා ඉදිරියට යාම තමයි මීලග පියවර. මේ අයවැයේ ඉදිරිපත් කර තිබෙන්නේ අපි අර කලින් ඉදන් සඳහන් කරපු ආකාරයට ආර්ථිකය ස්ථායී බවට පත්කිරීම හා ඉන්පසු ආර්ථිකය නැවත වරක් ස්ථාවරලෙස ඉදිරියට වර්ධනයක් ඇතිව ගෙනයාමට 2023 සිට ඉදිරියට කරන්න තිබෙන වැදගත් වැඩපිළිවෙළ පිලිබද යෝජනායි.

මේ යෝජනා ඉතා වැදගත්. ඒවා ක්‍රියාත්මක කිරීම තමයිකරන්න තිබෙන්නේ.ඒත් එක්කම මේ යන ක්‍රියාවලියේදී ජනතාවට සෑහෙන පිඩා විදින්න වෙනවා. මේ පීඩාව කොහොමද හැමෝම අතර සාධාරණව බෙදාගන්නේ, එහෙම බෙදාගන්නකොට බහුතර ජනතාව මේ නිසා දුප්පත්කමේ මට්ටමට වැටිලා තිඛෙනවා. ජනතාවට ජීවත්  වෙන්න අමාරු තත්වයක් තිබෙනවා. රජයක් ලෙස මෙවැනි වෙලාවක. විශේෂෙයන් මෙවැනි උද්ධමනයක් තිබෙන වෙලාවක වගකීම තමයි අඩුම ස්ථරයේ අඩුම ආදායම් ලබන අයගේ ජීවන තත්වය ආරක්ෂා කිරීම. පළවෙනි කාරණය මහ බැංකුව විදිහට කොහොමද උද්ධමනය අඩු කරලා ඔවුන්ගේ බර අඩු කරන්නේ? දෙවනුව කොහොමද ඒගොල්ලන්ට කටිකාලීනව ජීවත් වෙන්න පුළුවන් විදිහට සමාජ ආරක්ෂණයක් සපයන්නේ? මේවා තමයි මේ අයවැයේ ප්‍රමුඛ කාරණා ලෙස මම දකින්නේ. ඉදිරියේ ඒ සදහා විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒවත් කිරීමට මුදල් ලබාගැනීම රජයේ ආදායමෙන් කරන්න අවශයයි. එසේ නැතිව ඉස්සර වගේ ණය අරගල කළොත් සාර්ථක වෙන්න. ඒ සදහා රජයේ ආදායම වැඩි කරගත යුතුයි.

(නදිශානි පතිරණ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply