Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SB

කොවිඩ් රෝගය යනු බිය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.  ඔහු මේ බව සඳහන් කළේ අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. 

කොරෝනා පිළිබඳ මරණ බියක් ජනතාවගේ සිත තුළ ඇති නොකළ යුතු අතර මරණයට මරණ බියත් හේතුවන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.
”මේ දැන් වෙනකොටත් ලංකාවේ මරණ අනුපාතය 1.9% යි. කොරෝනා පිළිබඳ මහා මරණ බයක් මේ මිනිස්සුන්ගේ සිත් තුළ ඇතිකරන්න හොඳ නැහැ. මරණ බය මරණයට ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ නිසා මෙය එහෙම බයවිය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි. කොරෝනා අසනීපය හැදෙන 81%ක් එයාලගේ ඇගට පතටත් නොදනි හොඳවෙලා ගෙදර යනවා. සමහර අය දන්නෙත් නැහැ හැදිලා හොඳ වෙනකම්. 14%ක් යන්තම්  පොඩි හෙම්බිරිස්සාවක් වගේ එකක් හැදිලා පුංචි උණක් ගැනිලා හොඳ වෙලා යනවා.” යනුවෙන් ඔහු සඳහන් කරන ලදී.

Leave a Reply