

ජපාන අග්‍රාමාත්‍ය යෝෂිහිඩේ සුගාට, පක්ෂ නායකත්වයත් ඒ සමගම අග්‍රාමාත්‍ය ධුරයත් අහිමි වන ලකුණු පෙන්නුම් කරන බව ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. ජපාන අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂය ලෙස බලයේ සිටින පක්ෂයේ නායකයාටය.
ජපානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ, ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂයයි. එහි නායකත්වය හිමිවී ඇත්තේ සුගාටය. සුගාගේ නායකත්වය අභියෝගයකට ලක් වී ඇත.
ඒ, එරට පළාත් මැතිවරණවලින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ පරාජය නිසාය. පක්ෂ නායකත්වය වෙනස් විය යුතු යැයි පක්ෂය තුළින් හඬක් නැගෙමින් පවතී. ඒ අනුව ජපානයේ හිටපු විදේශ අමාත්‍යවරයකු වන ෆූමියෝ කෙෂීඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය සඳහා තරග කිරීමට සූදානම් වන බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ.