ගෝඨාභය රාජපක්ෂ එළවපු අය මැරෙන්න මොහොතකට කලින් පසුතැවේවි

gotabaya-mahindananda

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව එම තනතුරින් ඉවත් කිරීමට දායක වූ සියලු දෙනාම ඔවුන්ගේ අවසන් හුස්ම හෙළද්දී හෝ ඒ පිළිබඳව පසුතැවෙනු ඇති බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින්.පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

“මේ රටේ මිනිස්සු කවදාහරි, මැරෙන්න විනාඩියක් තියලා අවසාන හුස්මේදී හරි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉවත්කරන්න දායක වෙච්ච හැම කෙනෙක්ම ඒ පිළිබඳ පසුතැවිලි වේවි. අපට කවදාවත් ඉතිහාසයේ ඒවගේ රාජ්‍ය නායකයෙක් හොයාගන්න හම්බුවෙන්නෙ නෑ. එදා ජනාධිපති මන්දිරයට එතුමාට ගහන වෙලාවේ ත්‍රිවිධ හමුදාවම හිටියෙ එතුමාත් එක්ක.

එතුමාට තිබුණෙ එක නියෝගයයි, ඒ නියෝගය කළා නම් අඩුගාණෙ එදා අරගලයට ආපු 500ක් – 1000ක් මියයනවා. එක පුද්ගලයෙකුට වැලි ඇටයක කරදරයක් කරන්න එපා කියපු රාජ්‍ය නායකයෙක් ගෝඨාභය මැතිතුමා කියන්නෙ. ඡන්දෙන් එන්න බැරි දේශපාලන පක්ෂ මේ අරගලය පාවිච්චි කරලා ගෙවල් ගිනිතියලා මේ අරගලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.

අද වෙනකොට මේ රටේ මිනිස්සු මේක අවබෝධ කරගෙන තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට නැවතත් මේ රට යථා තත්වයට පත්කරලා අපි වෙනදා ගිය විදියටම මේ ගමන යන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් අපට තියෙනවා මිත්‍රවරුනි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply