පෙට්‍රල් අද (23) හෙට (24) නැහැ – නැව පරක්කුයි – ඩීසල් තියෙනවා – කංචන

petrol-ship-delayed-minister

පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 40,000 ක ඉන්ධන තොගයක් අද පැමිණීමට නියමිතව තිබුණද එය එක් දිනකින් ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිවේදනය කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන තොගය අද අලුයම පැමිණීමට නියමිතව තිබූ නමුත් එය ප්‍රමාද වී ඇති බවයි.
ඒ අනුව අද සහ හෙට දිවයින පුරා බෙදා හැරීමට නියමිත පෙට්‍රල් සැපයුම සීමා වූ බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
කෙසේ වෙතත් ඔටෝ ඩීසල් ලබා ගත හැකි බවත් එය දිවයින පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හරින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් දැනට සුපර් ඩීසල් බෙදාහැරීම සීමාසහිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply