Johnston Fernando granted fresh bail

සාමකාමී අරගලකරුවන්ට පහර දී රට ගිනි තැබූ මැයි 09 අපරාධය  සම්බන්ධයෙන් වූ නඩුවේ  28 වැනි සැකකරු ලෙස නම් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නව ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.
ඒ අනුව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මුදා හැරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද ඔහු නියෝග කරනු ලැබීය.



Leave a Reply