ලකුණු 498 එක්දින ක්‍රිකට් වැඩිම ලකුණු වාර්තාවක් එංගලන්තයෙන්

england-netherland-high-score-498

එංගලන්තය හා නෙදර්ලන්තය අතර අද(17) පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුල් ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල ඕවර 50 අවසන කඩුළු 4 ට ලකුණු 498 ක් ලබා ක්‍රිකට් වාර්තා පොත අලුත් කළේය.
Amstelveen හිදී පැවැත්වෙන තරගයේදී එංගලන්තය වාර්තා කළ මෙම 498 ඔවුන් සතුව තිබූ වාර්තාවක් බිද දැමීමකි. මින් ඉහත ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6කට ලකුණු 481ක් ලබා එංගලන්ත පිල එම වාර්තාවට හිමිකම් කීවේය.
අද තරගයේදී ජොස් බට්ලර් පන්දු 70කදී විශිෂ්ට ලකුණු 162ක් ලබා ගත් අතර ඩේවිඩ් මාලන් සහ ෆිල් සෝල්ට් ද ඔවුන්ගේ මංගල එක්දින ශතක වාර්තා කළහ. පසුව ලියම් ලිවින්ග්ස්ටන් එංගලන්ත ඉනිමට ගිනිකෙළි කිහිපයක් එක් කළේ පන්දු 17කදී පමණක් එක්දින තරගයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමිනි.
දෙපිලම ICC තරඟාවලි වලින් පිටත නිල ජාත්‍යන්තර තරඟ වලදී මීට පෙර කිසි දිනක හමු වී නොමැති අතර විස්සයි20 ලෝක කුසලානයේ දී නෙදර්ලන්තය දෙවරක් එංගලන්තය පරාජය කර තිබීමද විශේෂිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply