රුහුණු මහා කතරගම දේවලයේ ඇසළ පෙරහැරට කප් සිටුවයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2022 ඇසල පෙරහර මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවීම ඊයේ  15 අලුයම සුබ මොහොතින් සිදුකෙරිණි.

පුරාණ චාරිත්‍රානුකූලව කපාගත් කප් කණු මැණික් ගංඟාවෙන් නානුමුර කරවා රාත්‍රියේ වල්ලි මාතා දේවාලයේ තැම්පත් කොට පේකිරීම සිදුකෙරිණි.

එදින උදෑසන සුබ මොහොතින් පෙරහර බලන රාළ සහ ගබඩාකාර රාළ යන කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරි මණ්ඩලය,ආලත්ති අම්මාවරු පිරිවරා කප් කණු මහ දේවාලය වෙත වැඩමකොට සුබ නැකතින් කප්සිටුවීම සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර,ප්‍රධාන කපු ධූරන්දර සොමිපාල ටී රත්නායක යන මහත්වරුද සහභාගී වූහ.

මෙවර ඇසල උත්සවය ජූලි මස 29 වෙනිදා ආරම්භවී අගෝස්තු මස 12 වෙනිදින මැණික් ගඟේ දියකැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ.

අගෝස්තු 11 වෙනිදා රාත්‍රී අවසාන රන්දෝලි මහා පෙරහර පැවැත්වේ.

මෙවර ඇසල උත්සවය පැවැත්වෙන ආකාරය පිළිබඳව සාකච්ඡාවක් හෙට (17) පෙ.ව 9.30 කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

Leave a Reply