කළු ගඟේ අතුරුදන් තරුණයාගේ සිරුර මෝයකටේ

kalutara-youth-dead-love-issue

සිය පෙම්වතිගේ පියාගේ පහරදීමකට ලක්ව කළු ගගට පැන දියේ ගිලී අතුරුදන් වූ බව කියන තරුණයාගේ මළසිරුර කළුතර මෝය කට ප‍්‍රදේශයට ගොඩ ගසා තිබී හමුවූ බව කඵතර දකුණ පොලිසිය පවසයි.   මළ සිරුර කළුතර, නාගොඩ, 3 වන පටුමගේ පදිංචිව සිටි මහිම කෞෂික නමැති 18 හැවිරිදි තරුණයාගේ බවට ඔහුගේ දෙමාපියන් වන මහේෂ් රවීන්ද්‍ර සිල්වා සහ නිල්මිණි සමරසේකර රාජකරුණා විසින් හඳුනාගෙන ඇති බවත් මරණය සැකසහිත බව ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කර ඇති බැවින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසයි.

මියගොස් ඇති තරුණයා නාගොඩ,  ගල්ලස්ස ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, ඇයගේ ජංගම දුරකතනයෙන් පියා තරුණයාට කෙටි පණිවිඩ යවා නිවස ආසන්නයට ගෙන්වාගෙන  තමාට පහරදුන් බවට මිතුරකුට දුරකතන ඇමතුමක් ලබාදී කියා ඇති බව ද සඳහන් වේ.

පසුව තරුණයා කළු ගඟට වැටී ඇති බව ආරංචි විය. පෙම්වතියේගේ පියාගේ හිරිහැරයන්ට බියේ පළා යද්දී ඔහු ගඟට වැටුනාද නැතිනම් පෙම්වතියගේ පියා ඔහුව තල්ලු කරාද යන්න ගැන තවම විමර්ශන සිදුවේ.
තරුණයාට පහරදුන් බව කියන පෙම්වතියගේ පියා ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply