ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන නොදැන ක්‍රිකට් උදාහරණ ගත්තැයි ධම්මිකට විවේචන

sanath-gunathilaka-aravinda-perera-dhammika

මෙරට ජනප‍්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වාගේ නම් වෙනුවට සනත් ගුණතිලක හා අරවින්ද  පෙරේරා යනුවෙන් නම් වරදවා භාවිත කරමින් පසුගියදා හිරු සලකුණ දේශපාලන වැඩසටහනේදී අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සම්බන්ධ උපහාසාත්මක විවේචන සමාජ ජාලා තුළ පැතිරී  තිබේ.

සමහරු අසා ඇත්තේ ‘සනත් ගුණතිලක බැට් කරන කොට් විකට් කීප් කරන්නේ මාලනී ෆොන්සේකාද’ යන්නයි.
මෙම වැඩසටහනේදී ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට නම් ඒ අය දිරිමත් කරමින් වැඩි මුදල් ත්‍යාගයක් පෙන්නුම් කළ යුතු බවත් ඒවට ලකුණු රැස් කරන බවත් ඒ ආකාරයට වෙනත් ක්ෂෙත්‍ර සදහාද එවැනි න්‍යායන් වෙයාදාගත හැකි බවත් ධම්මික පෙරේරා පවසන අතර ඔහුගේ යෝජනාව අසමින් ප්‍රශ්න අසන චමුදිත සමරවික්‍රම ඇතුලු හිරු නිවේදකයින් ධම්මික විසින් සනත් ගුණතිලක හා අරවින්ද පෙරේරා යනුවෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් හැඳින්වීම නිවැරදි කර නැත.

ආන්දෝලනයට තුඩුදුන් ධම්මික පෙරේරාගේ වැඩසටහන් ඛණ්ඩය පහතින්

[embedded content]

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply