ajith rohana contact number

කොරෝනා ආසාදිතව රෝහල් ගතව සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට අසාධ්‍ය බවත්, ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බවටත් පවසමින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් හුවමාරු වෙමින් තිබේ.
මෙම ඡායාරූපය බොහෝ දෙනෙකු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශෙයා කරගෙන තිබුණු අතර ඒ අතර ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුද සිටියා.
නමුත් ඒෂියන් මිරර් විසින් මෙම ඡායාරූපය සම්බන්ධව කළ සොයා බැලීමකදී සොයා ගන්නට හැකි වුණේ මෙම ඡායාරූප “TikTok (ටික්ටොක්)” සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වීඩියෝවකින් උපුටා ගන්නා ලද්දක් බවයි.
ටික්ටොක් සමාජ මාධ්‍යයේ Taigo Arieiv නම් පුද්ගලයාට අයත් ඡායාරූපයක් මෙලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ යැයි පවසමින් පිරිසක් විසින් ෆේස්බුක් පිටුවල විවිධ සටහන් නිර්මාණය කරගෙන තිබුණා.
Taigo Arieiv නම් පුද්ගලයා විසින් ඔහුට කොරෝනා ආසාදනය වී සිටින සමයේ සිය ටික්ටොක් සමාජ මාධ්‍ය ගිනුමට එක්කර තිබූ වීඩියෝ කිහිපයකින් මෙම ඡායාරූප උපුටා ගෙන ඇති බවටද දැක ගත හැකියි.

අජිත් රෝහණ මහතාගේ වත්මන් තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් ද විමසීමක් කර සිටි අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ අජිත් රෝහණ මහතා ඉතාමත් සුවයෙන් පසුවන බවයි.
ඒ අනුවම මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය අසත්‍යයක් බවට මෙම කරුණු හරහා පැහැදිළි වෙයි.
-ඒෂියන් මිරර් 



Leave a Reply