දැං ඉන්නේ 2020 සිටි ගෝඨාභය නොවේ.. ලිඛිත පොරොන්දුවත් විශ්වාස කරන්න බෑ.. මහින්ද වටා වදුරන් පිරිසක්…

 

මේ අවස්ථාවේ රට පාලනය කරමින් සිටින්නේ 2020 වසරේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දු පවා මේ වන විට උල්ලංඝනය කර ඇති බවයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කර තිබේ.
අරලියගහ මන්දිරයේ සිට සාමකාමී විරෝධතා කරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පලකරන ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා වටා සිටින වඳුරන් වැනි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ඔහුට මෙම අභාග්‍යසම්පන්න ඉරණම අත්පත් කර දුන් බවයි.
වාසුදේව නානායක්කාර මහතා විසින් මීට සති කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් උපදෙසක් පිළිබඳව ද උදය ගම්මන්පිල මහතා මෙහිදී හෙළි කලේය.
අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක් වූ උදය ගම්මන්පිල මහතා අදාළ තනතුර භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ නම් වික්‍රමසිංහ මහතාට එම තනතුර ලබා දීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කිසිදු විරෝධයක් නොදක්වන බව පැවසීය.
තමන් වික්‍රමසිංහ මහතාට අකැමැති නමුත් මේ අවස්ථාවේදී කකුලෙන් ඇදීම් සිදුනොකරන බවද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කරයි.

Leave a Reply