බැදුම්කර නඩුව අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව ඉදිරියට පවත්වාගෙන යාමට තීන්දුවක් !

මහබැංකු බැදුම්කර නඩුවේ 3න් වන විත්තිකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ 09 වන විත්තිකරු නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සදහා කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
ඒ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ නොමැති බව ඔප්පු කිරීම සදහා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කල සාක්ෂි පිළිබඳ සලකා බැලු අවස්ථාවේදීයි.
දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉරුසදීන් යන විනිසුරුවරුන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුලත් වන අතර නඩුව අගෝස්තු මස 26 වෙනිදා නැවත කැදවීමට නියමිතයි.



Leave a Reply